FAST NEWS

24×7 Around the Globe

සා.පෙළ පෞද්ගලක අයැදුම්කරුවන්ට විභාග දෙපාර්තුමේන්තුවෙන් පණවිඩයක්..

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට අදාළව, පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වනවිටත් තැපැල් කර යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව එම ප්‍රවේශ පත්‍ර දැනටමත් ලැබී නොමැති යම් අපේක්ෂකයෙක් වේ නම් ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර ප්‍රවේශ පත්‍රයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව එම දෙපාර්තුමේන්තුන නිවේදනයක කර සිටියි.