පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා පාර්ලිමේන්තු සභාව අමතමින් ප්‍රකාශ කර සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බල උන්මාදී ව්‍යාධිය නැමැති රෝගයක් වැළදී ඇති බවත් , එක්සත් ජාතික පෙරමුණ ඡන්ද වලට භය නොමැති පක්ෂයක් බවත් එබැවින් ඕනෑම ඡන්දයකට සූදානම් බවත්ය.
පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා දැක්වූ වැඩිදුර අදහස් ,
“ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට ප්‍රධාන බලතල දෙකක් පැවරෙනවා. එකක් තමයි නීති සම්පාදනයේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවට පමණයි. ඒ වගේම රාජ්‍ය මූල්‍ය බලතල පාර්ලිමේන්තුවට පවරලා තිබෙනවා. විශ්වාසභංගය සම්මත වුණා පස්සේ රාජ්‍ය මූල්‍ය පාලනය කිරීමේ සෘජු බලතල පාර්ලිමේන්තුවට පැවරිලා තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්න මහින්ද රාජපක්ෂ මහතාට කිසිම බලයක් නෑ. මුදල් විෂය භාර ඇමැතිවරයකු නැති තත්ත්වයක් නැති තත්ත්වයක් තුළ අයවැය දෙපාර්තමේන්තුවට අදාල වරෙන්තුව දෙන්න කිසිම හැකියාවක් නෑ.
කතානායකතුමා අපක්ෂපාතීව ක්‍රියා නොකිරීම නිසා අර්බුද ඇතිවුණ බව සමහරු චෝදනා කරනවා. ඔක්තෝබර් 26 රාත්‍රී ජනාධිපතිවරයා අගමැති ඉවත් කරලා, අලුත් අගමැති කෙනෙක් පත් කරලා ගැසට් නිවේදනයක් කළා. ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය නීති විරෝධී යැයි අපි ඔබව හමුවෙලා කිව්වා. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පිළිගත්තා. අගමැති ලෙස ඔහුට පහසුකම් දෙන්න කතානායක ලෙස ඔබ කටයුතු කළා. අපි ඊට විරුද්ධ වුණා. අපි ශිෂ්ඨ සම්පන්න නිසා ඔබට මිරිස්කුඩු ගහන්නවත් වෙනත් බලපෑම් කිරීමටවත් ගියේ නෑ.
මහින්ද නීති විරෝධී බව අපි කියද්දියි ඔබ ඔහුට පහසුකම් දුන්නේ. මහින්ද අගමැති නෙමෙයි කියලා ඔබ බාර ගත්තේ විශ්වාසභංගයෙන් පස්සෙයි. ඒ නිසා ඔබ අපක්ෂපාතියි කියා කාටවත් චෝදනා කරන්න බෑ.
ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති තැනැත්තා අගමැති ලෙස පත් කළ යුතු බව ව්‍යවස්ථාවේ තිබෙනවා. මේ මතය ජනාධිපතිගේ අභිමතය අනුව ගන්නා තීරණයක් නෙමෙයි. මේ මතය කියන්නේ ජනාධිපතිගේ පුද්ගලික අභිමතය නොවෙයි. අග්‍රමාත්‍යවරයා ඉවත් කිරීම පිළිබඳ ඉවත් කිරීම ගැන ඉතාම පැහැදිලි ව්‍යවස්ථා ප්රතිපාදනයක් තිබෙනවා..
04 පාරක් විශ්වාසයභංග වුණු පුද්ගලයා ගෙදර නොයන්නේ ඇයි කියන එකයි ප්රශ්නය. මේ නිසා ආර්ථික බලපෑම් රැසක් ඇති වෙලා තිබෙනවා. දැනටමත් රජයේ සුරකුම්පත්වල තිබෙන ධනය සීඝ්රයෙන් එළියට ඇදගෙන යනවා. සංචාරක ව්‍යාපාරයට බලතගතු හානියක් වෙලා තිබෙනවා. අපේ පොලී අනුපාත සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ආර්ථික වැඩපිළිවෙළ රැසක් නවත්වලා තිබෙනවා. මාසෙක දේශපාලන කුමන්ත්‍රණය නිසා රුපියල් බිලියන 617ක බලපෑමක් ලබන අවුරුද්දේ ඇති වෙන්න පුලුවන්. එන්න තිබ්බ ආයෝජන නතර වුණා.
මේ වෙලාවේ තිබෙන්නේ ශිෂඨත්වයත් අශිෂ්ඨත්වයත් අතර සටනක්. හිට්ලර් කළෙත් පාර්ලිමේන්තුව රෑ ගිනි තියලා මැතිවරණයට ගිය එක. රාජපක්ෂ පිරිසත් ඒ දෙයම කළා. පාර්ලිමේන්තුව ගෙනි තියන්න බැරි නිසා මිරිස්කුඩු ගැහුවා.
අපි ඕනෑම ඡන්දයකට සූදානම්. හැබැයි මුලින් ජනාධිපතිවරණයක් අවශ්‍යයි.
රණවිරුවන් දඩයම් දඩයම් කරනවයි කියපු අය යටතෙත් අද ඒවා වෙනවා. රාජපක්ෂවාදීන්ට මම කියනවා දැන්නම් අපේ අප්පච්චිට බෑ කියලා දාගන්න.
එමෙන්ම ඉහතින් සදහන් කළ බල උන්මාදී ව්‍යාධියේ රෝග ලක්ෂණ මහින්ද රාජපක්ෂ මහතාට ද තිබෙන බව හිටපු අමාත්‍යවරයා සදහන් කළේය. ”








