FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ දේශපාලන අර්බුදය විමර්ශනය කිරීමට මේරියම් යම්ෂිඩා දිවයිනට…

 

ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාප භාර ප්‍රධානී මේරියම් යම්ෂිඩා මහත්මිය ඊයේ (29) ශ්‍රී ලංකාවට පැමිණ ඇත. 

පාර්ලිමේන්තු අර්බුදය තවමත් පවතින බැවින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තා වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක්‌ ඉදිරිපත් කිරීම සදහා ඇයව මෙරටට රවා ඇත.

මෙම සංචාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , ආර්. සම්බන්ධන් සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමටත් නියමිතව ඇත.

මේ අතර බ්‍රිතාන්‍ය රජයට සම්බන්ධ නිලධාරියකු ද ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතය.