FAST NEWS

24×7 Around the Globe

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්….

මොරගහකන්ද – කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය පිටාර මට්ටමට ළඟා වී ඇති බැවින්, එහි වාන් දොරටු විවෘත කිරීම අද (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙනු ඇත.
මෙම ජලාශ ව්‍යාපෘතිය දශක 04 කට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියයි.
මොරගහකන්ද ජලාශයේ රන් දියවර මුදාහැරීම පසුගිය ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණි.
මෙම ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2007 වසරේදී ආරම්භ කෙරූ අතර ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීමෙන් 2015 වසරේ සිට එහි ඉදිකිරීම් කඩිනම් කිරීමට පියවර ගනු ලැබීය.
මොරගහකන්ද ජලාශයේ සමස්ත ජල ධාරිතාවය අක්කර අඩි හාරලක්ෂ 60,000 කි.
ඉන් කුඹුරු අක්කර 80,000 කට වැඩි ප්‍රමාණයක් අස්වැද්දීමට නියමිත අතර පවුල් ලක්ෂ 03 කට වැඩි පිරිසකට පානීය ජල පහසුකම්ද සැපයේ.