FAST NEWS

24×7 Around the Globe

අද (30) පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව රැස්වෙයි…

ඊයේ (29) දිනයේ කල් තැබුණු පාර්ලිමේන්තු සභා වාරය අද (30) පෙරවරු 10.30 ට රැස්වීමට නියමිතව ඇත.
එම රැස්වීමට පෙර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතය.
අද දිනයේ පාර්ලිමේන්තු කටයුතු සඳහා ආණ්ඩු පක්ෂය සහභාගී වන්නේද යන්න පිළිබඳ මෙතෙක් දැනුම්දීමක් සිදුකර නොමැති අතර
බොහෝ දුරට එය ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු තීරණය කරනු ඇති බව වාර්තා වෙයි.
අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ, අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය දීමනා කප්පාදු කිරීමට අදාළ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිත බවය.
මෙම යෝජනාව පූර්ණ යෝජනාවක් ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට පසුගියදා භාරදෙනු ලැබීය.