FAST NEWS

24×7 Around the Globe

නත්තල් උත්සවය දා සා/පෙළ පත්‍ර බැලීමට ගුරු සංගමයෙන් විරෝධය…

නත්තල් උත්සවය දා අ.පො.ස සාමාන්‍ය පෙළ උත්තර පත‍්‍ර ඇගයීම සිදුකරන දිනයක් ලෙස විභාග දෙපාර්තමේන්තුව කාල සටහන් සකස් කර ඇති බවත් මේ හේතුවෙන් කතෝලික ගුරුවරුන් ඇතුළු නිලධාරීන් දැඩි අපහසුතාවයට ලක්ව ඇති බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
මෙම තීරණයට ලංකා ගුරු සේවා සංගමය දැඩි විරෝධය පල කරන බවත් මෙම තත්වය වහාම වෙනස් කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ජයසිංහ මහතා පැවසුවේය.