FAST NEWS

24×7 Around the Globe

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාව වැලිකඩට මාරු කරයි…

ඊයේ (28) රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මැගසින් බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇත.
ආරක්ෂක හේතූන් මත ඔහුව මෙලෙස වැලිකඩ බන්ධනාගාරය වෙත මාරුකර යැවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
රාජපක්ෂ ආණ්ඩුව සමයේ තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට (නේවි සම්පත්) රැකවරණය ලබාදීම රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එල්ල වූ චෝදනාවයි.