FAST NEWS

24×7 Around the Globe

රිෂාඞ් බදියුදීන්ගේ මහජන කොංග්‍රසයේ ලේකම්වරයාව තනතුරෙන් ඉවත් කරයි.(විඩීයෝ)

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මහලේකම් වයි.එල්.එස් හමීඞ් එම තනතුරෙන් තාවකාලිකව ඉවත් කර ඇත.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් මහතා කොළඹදී අද (22) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියේ මහලේකම්වරයා තම පක්ෂයට ලබාදෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ඉල්ලා සිටි බවය.

එහෙත් ඒ සඳහා සමස්ත ලංකා මහජන කොංග්‍රසය නම් කළේ එම්.එච්.එම්. නවාවි නමැත්තාය.

මෙම තත්ත්වය හමුවේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ වයි.එල්.එස් හමීඩ් – පක්ෂ නායක රිෂාද් බදියුදීන් මෙන්ම පක්ෂය විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කර ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් පක්ෂයේ උත්තරීතර මණ්ඩලය වයි.එල්.එස් හමීඩ් සිය තනතුරෙන් ඉවත් කර ඇත.

එමෙන්ම, පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස වෛද්‍ය ඒ.එල්. සාජහාන් පත් කර ඇත.

[youtube url=”https://www.youtube.com/watch?v=cV1VK–c1G0&feature=youtu.be” width=”560″ height=”315″]