FAST NEWS

24×7 Around the Globe

අද (29) පාර්ලිමේන්තු රැස්වීමට ආණ්ඩු පක්ෂය නෑ…

අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති යෝජනාව නීති විරෝධි බැවින් අද (29) දින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි නොවන බව අමාත්‍ය එස්. බී. දිසානායක මහතා මාධ්‍ය වෙත පැවසීය.
පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීම සම්බන්ධයෙන් සකච්ඡා කිරිම සඳහා අද (29) පෙරවරුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදි මේ බව තීරණය වු බව හෙතෙම කියයි.