FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රීවරුන් මිලදී ගැනීමට කළ උත්සාහයන් පිළිබද අල්ලස් කොමිසමෙන් පරීක්ෂණ….

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුදලට මිලදී ගැනීමට කළ උත්සාහයන් සම්බන්ධයෙන් ට්‍රාන්පේරන්සි ආයතනය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කළ පැමිණිල්ලට අදාළව එම කොමිසම සිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ඒ අනුව ඊයේ (28) මෙම ආයතනය කොමිසම හමුවේ විස්තරාත්මක ප්‍රකාශයක් ලබාදී ඇති බවත් වාර්තා වෙයි.
අල්ලස් පනතේ ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අල්ලසක් ලබාදීම හෝ ලබාදීමට තැත් කිරීම වසර 07 ක සිර දඬුවමක් ලැබිය හැකි වරදක් වෙයි.
මීට සම්බන්ධ විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යන බවත් , ඊට අදාළ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කරන බවත් අල්ලස් කොමිසම ප්‍රකාශ කරයි.