FAST NEWS

24×7 Around the Globe

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රිමාන්ඩ් (update)

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාව ලබක 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නි ෝග කළේය.
+++[update]
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අත්අඩංගුවට..
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදි අත්අඩංගුවට ගත් බව අධිකරණ වාර්තාකරු පවසයි.
පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නඩුවට ඔහුව අද (28) අධිකරණයේ දෙවැනි සැකකරු ලෙස නම් කර තිබේ.
මේ අනුව නිල ඇඳුමෙන් අධිකරණයට පැමිණ සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා නඩුව 2.30 තෙක් කල් තැබීමෙන් අනතුරුව තමන්ට සිය රථයෙන් නැගී පිටත්ව ගිය අතර නැවත සාමාන්‍ය ඇඳුමෙන් සැරසී අධිකරණයට පැමිණිමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගැනීමට සිදුකළ බවත් ඔහු මේ වන විට බන්ධනාගාර නිලධාරීන් බාරයේ රඳවා සිටින බවත් අධිකරණ වාර්තාකරු කියයි.