ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමීණි බව අප වාර්තාකරු පැවසීය.
+++++++++++++(update)
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද (28) අධිකරණයට..
තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකුට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව පිළිබඳව කරුණු දැක්වීම සඳහා තමන් අද (28) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඊයේ (27) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබු නමුත් ඔහු එහි පෙනි සිටියේ නොමැත.
ඊයේ (27) දිනයට යෙදී තිබූ මහවිරු දිනය නිසා උතුර – නැගෙනහිර ප්‍රදේශවල නිරීක්ෂණ කටයුතුවලට තමන් එක්ව සිටි බව හෙතෙම මෙ පිළිබඳව හේතු දක්වමීන් සඳහන් කළේය.
එසේම සැප්තැම්බර් 10 වනදා ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණද එදින නොපැමිණියේ මෙක්සිකෝවේ රාජකාරි කටයුත්තක් සඳහා පිටත්ව යාම හේතුවෙනි.
මීට පෙර අවස්ථා 03 කදී අධිකරණය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට එරෙහිව නියෝග නිකුත් කර තිබු අතර, එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ ඔහු අත්අඩංගුවට ගැනිමට තරම් සාක්ෂි පවතින බවය.
ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පසුගිය 02 වනදා නියෝග කළේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.