FAST NEWS

24×7 Around the Globe

වර්ෂාවත් සමග ඩෙංගු යළි හිස ඔසවයි…..

දිවයිනට බලපා ඇති ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
පසුගියදා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් දිස්ත්‍රික්ක 05ක ක්‍රියාත්මක වූ අතර, එහිදී ස්ථාන 48,791 ක් නිරීක්ෂණය කර ඇති අතර එහිදී මදුරුවන් බෝවීමේ අවදානම් සහිත ස්ථාන 11,148 ක් සහ මදුරු කීටයන් සහිත ස්ථාන 1444 ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කරගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අවධානයෙන් පසුවන ලෙසත් එම අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.