FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ ඇතිවූ ගුටි බැට සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්….

පසුගියදා පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදී ඇති වූ කලහකාරි සිද්ධින් සම්බන්ධයෙන් ලද පැමිණිලි 05 කට අදාලව විමර්ශන කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කරයි.
අදාල විමර්ශන පාර්ලිමේන්තුවේ සී.සී.ටි.වී දර්ශන ද උපයෝගී කර ගනිමින් සිදුකරන බවත් විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිපතිවරයා දැනුම්වත් කර උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.