FAST NEWS

24×7 Around the Globe

විදුලිය භාවිත කිරීමේදී 2019 වසරේ සිට නව නීති…

විදුලියට සම්බන්ධ කෙරෙන විදුලි පේනු සහ කෙවෙනි සම්බන්ධ නව නීති 2019 වසර ආරම්භයේ සිට කි‍්‍රයාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කරයි.
මෙම නීති ගෙන ඒමෙන් අනතුරු අවම කිරීම අරමුණ වෙයි.
එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටින්නේ ප‍්‍රමිතියෙන් යුතු උපකරණ වෙළදපලට නිකුත් කළ යුතු බවත් විශේෂ සමීක්ෂණයකින් ලබාගත් තොරතුරු අනුව වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන බවත්ය.