FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතික පක්ෂය කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට යයි…

අද (27) පස්වරු 1.00 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී එක්සත් ජාතික පක්ෂය විසින් කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
රට තුළ හටගෙන ඇති දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක කර්මාන්තය කඩා වැටීම පිළිබදව එම කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම සදහා සහභාගි වනවා ද නැද්ද යන්න පිළිබදව තවමත් ප්‍රකාශ කර නොමැත.