FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ විශේෂ සම්මේලනයක් ලබන මස 04 වැනිදා කොළඹදී…

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ සම්මේලනයක් ලබන මස 04 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (26) පැවති එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිධුරයට පත් කිරීම, නව ආණ්ඩුවක් පිහිටුවීමට බලපෑ සාධක සහ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් පාක්ෂිකයින් දැනුවත් කිරීම සඳහා මෙම සම්මේලනය පවත්වනු ඇත.
මෙම සම්මේලනයේ  සංවිධායක කටයුතු සඳහා වෙනම කමිටුවක්ද මධ්‍යම කාරක සභාව විසින් පත් කර ඇති බව වාර්තා වෙයි.