FAST NEWS

24×7 Around the Globe

මාතර සිසුවා ඝාතනයේ අවසන් සැකකරුත් පොලිසියට භාරවෙයි…..

පසුගියදා මාතර – ඇලවේල්ල පාර, ප්‍රදේශයේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අවසාන සැකකාර පාසල් සිසුවා ද ඊයේ (26) පොලිසියට භාරවී ඇත.
මෙම සැකකරු මාතර – වල්ගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සුනුරු විමුක්ති ජයවීර නැමැත්තෙක් වන අතර ඔහු පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
සැකකාර සිසුවා ඝාතනය සඳහා පැමිණි යතුරුපැදිය පැදවූ තැනැත්තා බවට අනාවරණ වී තිබේ.
ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකාර ශිෂ්‍යයා ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර දෙවන සැකකරු ද පොලිසිය භාරයේ රදවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි.