FAST NEWS

24×7 Around the Globe

බැසිල් රාජපක්ෂ ඇතුළු 04 දෙනාට එරෙහි නඩුව කල් යයි….

මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු 04 දෙනකුට එරෙහිව ගොනුකල නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු 15 වනදා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (26) නියෝග කළේය.
ඒ, මෙම නඩුවේ නීතිපති වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ විශේෂ මහාධිකරණයේ නඩුවක් මෙහෙයවන බවට රජයේ අධි නීතිඥ ප්‍රියාන් අබේගුණවර්ධන කරනු ලැබූ දැනුම්දීමකට අනුවයි.
පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991 ක මුදලක් අයථා ලෙස පරිහරණය කරමින් සෙවිලි තහඩු බෙදාදුන් බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වෙයි.