FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකල පෙත්සම් විභාගයට විනිසුරු මඩුල්ලක්…

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීමට 07 දෙනෙකුගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත්කර ඇත.
මෙම පෙත්සම් ගොනුකරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය , දෙමළ ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවක් එක්වයි.
අදාල පෙත්සම් සියල්ල ලබන මස 04, 05, සහ 06 යන දිනවල විභාගයට ගැනීමට නියම කර ඇත.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබන 07 වනදා දක්වා තහනම් නියෝගයක් ද නිකුත් කර තිබේ.