FAST NEWS

24×7 Around the Globe

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිටගේ අභියාචනා කැඳවන්න දින ලබාදෙයි…

සිල් රෙදි නඩුවකට අදාළව චෝදනා ලැබ ඊට සිරදඬුවම් ලබා සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට විසින් ඉදිරිපත් කළ අභියාචනා වලට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය දින ලබාදී ඇත.
ඒ දීපාලි විජේසුන්දර මහත්මිය සහ අචල වෙංගප්පුලි මහතාගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ එම අභියාචනා අද (26) කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අය විසින් ඔවුන්ගේ ලිඛිත දේශන ජනවාරි මස 03 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙසත් නීතිපතිවරයාගේ ලිඛිත දේශන ජනවාරි මස 17 දා ඉදිරිපත් කරන මෙන්ද අභියාචනාධිකරණය නියම කළේය.