FAST NEWS

24×7 Around the Globe

මාතර සිසුවා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්…

මාතර ඇළවේල්ල පාර, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී 19 හැවිරිදි සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (26) භාරවී ඇත.
ඒ අනුව සැකකරු ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන් තුන්දෙනා සම්බන්ධයෙන් දිවයිනේ සියළුම පොලිස් ස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.