FAST NEWS

24×7 Around the Globe

වාද්දුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට(27) ජල සැපයුම අත්හිටුවයි….

ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයට සපයන විදුලි බලය අත්හිටුවීමට නියමිත බැවින් , හෙට (27) පෙරවරු 8.30 සිට රාත්‍රී 11.30 දක්වා පැය 15 ක කාලයක් වාද්දුව ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කරයි.
ඒ අනුව වාද්දුව ,වස්කඩුව ,පොතුපිටිය , කළුතර දකුණ ,කළුතර උතුර , කටුකුරුන්ද ,නාගොඩ ,පයාගල ,පිලමිනාවත්ත , බොම්බුවල, මග්ගොන ,බේරුවල ,කලුවාමෝදර ,මොරගල්ල , අලුත්ගම ,දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශයන්හි ජල සැපයුම අත්හිටුවනු ඇත.