FAST NEWS

24×7 Around the Globe

පීලි පැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය ගමනා ගමනයට බාධා…

අද (24) රාත්‍රී 7.00 ට පමණ තලවකැලේ සිට කොළඹ දක්වා ධාවනය වූ සේවා සපයන දුම්රියක් හැටන් දුම්රිය ස්ථානයේදී පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ එම සේවා දුම්රියේ මැදිරි කිහිපයක් ගලවා ඉවත් කිරීමෙන් අනතුරුව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධාවක් නොවන සේ දුම්රිය මාර්ගය විවෘත කරන බවයි.