FAST NEWS

24×7 Around the Globe

රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදකියි…

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (24) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දුටුවේය.
මල්වතු මහා විහාරයේ වැඩ සිටින ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව අස්ගිරි මහා විහාරයට ගොස් ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමියන් බැහැදැක තිබේ.
තවද මුතියංගණ රජමහා විහාරාධිකාරී, අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික පූජ්‍ය රජමුරුද්දෙණියේ ධම්මරතන නාහිමියන් ද බැහැ දැකීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා ආශිර්වාද ලබාගෙන ඇත.