FAST NEWS

24×7 Around the Globe

අද (24) පස්වරුවේ ප්‍රදේශ කීපයකට තද වැසි….

අද (24) පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 
ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැක.
එමෙන්ම උතුරුමැද සහ ඌව පළාත්වලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.