තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කළ බවට දැනුම්දෙමින් වැඩබලන ලේකම්වරයාගේ අත්සනින් යුතුව ලිපියක් ලැබුණු බව කුමාර වෙල්ගම මහතා පවසයි.
එමෙන්ම ශ්‍රීලනිප වැඩබලන ලේකම්වරයාගේ ඉල්ලීම මත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවෙන්ද තමා ඉවත් කළ බවට එම සන්ධානයේ වැඩබලන ලේකම්වරයා වන විශ්වා වර්ණපාල මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියක්ද තමාට ලැබුණු බව හෙතෙම අද දෙරණට කියා සිටියේය.
කෙසේවෙතත් තමාගේ ඉවත්කිරීමට හේතු දක්වා නොමැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙන්ම එස්.එම් චන්ද්‍රසේන මහතාද ප්‍රකාශ කළේ සන්ධානයේ විධායක සභාවෙන් තමන් ඉවත් කර ඇති බවයි.
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිකයින් 13 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බවටත්, නව සාමාජිකයින් නම් කරමින් ශ්‍රීලනිප වැඩබලන ලේකම් දුමින්ද දිසානායක මහතා විසින් මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යොමුකරන ලද්දේ ඉකුත් 17 දාය.







