FAST NEWS

24×7 Around the Globe

ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු 13දෙනාට එරෙහි අභියාචනයක් ඉල්ලා අස්කර ගනී…

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් අද (23) අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගැනීමට පියවර ගෙන ඇත.
2007 වසරේ මාලඹේ පිහිටි කල්වාරි නැමති කිතුනු යාඥා මධ්‍යස්ථානයකට කඩා වැදී පහර දී අලාභහානි සිදු කළේ යැයි චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
අභියාචනය අද කැඳවූ අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවයි.
ඒ අනුව අභියාචනාව ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන්ද ඔහු ඉල්ලා සිටියේය.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම අභියාචනය අද දීපාලි විජේසුන්දර මහත්මිය සහ අචල වෙංගප්පුලි මහතාගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පවත්වනු ලැබීය.