FAST NEWS

24×7 Around the Globe

හිතුමනාපයට නව සභාපතිවරුන් පත්කිරීම ජනපති නියමයෙන් අත්හිටුවයි….

රාජ්‍ය ආයතනවලට නව සභාපතිවරුන් හෝ අධ්‍යක්ෂවරුන් පත්කිරීම අමාත්‍යවරුන්ට හිතුමනාපයට කළ නොහැකි බවත් එම පත්කිරීම් ජනාධිපතිවරයා අත්හිටුවා ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සදහන් කර සිටියේය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ‍ලේකම්වරයාගේ අත්සනින් යුතු චක්‍ර‍ලේඛයක් අමාත්‍යාංශ වෙත නිකුත් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
අදාළ චක්‍ර‍ලේඛනයේ කිසියම් අමාත්‍යාංශයක පුරප්පාඩුවක් තිබේනම් ඒ සඳහා එම අමාත්‍යාංශයේ සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක් තාවකාලිකව පත්කරන ලෙසත් දක්වා ඇත.
සභාපතිවරු පත්කිරීමේ දී ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමට ජනාධිපති කාර්යාල විසින් පත්කර ඇති විශේෂ කමිටුවක් ඇති බවත් එම කමිටුවේ නිර්දේශවලට අනුකූලව පමණක් සභාපතිවරු , අධ්‍යක්ෂවරු පත්කළ යුතු බව එම චක්‍ර‍ලේඛයේ දක්වා ඇති බව මහින්ද සමරසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.