FAST NEWS

24×7 Around the Globe

පක්ෂ නායක රැස්වීම එකඟත්වයෙන් තොරව අවසන් වෙයි (update)

අද (23) පැවති පක්ෂ නායක රැස්විම එකඟතාවයකින් තොරව අවසන්ව ඇති බව අප වාර්තාකරු කියයි.
අද (23) දිනයේ පාර්ලිමේන්තු කටයුතු සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබදව තේරීම් කාරක සභා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ගෙන තිබුණි.
මේ අතර ආණ්ඩු පක්ෂය විසින්ද පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව සඳහා පසුගියදා නම් 07 ක් භාර දීමට කටයුතු කළේය.
 සමාජීකයින් 12 දෙනෙක් පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට ඇතුලත් විය යුතුය.
පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව සඳහා එක්සත් ජාතික පෙරමුණ විසින් නම් 07 ක් භාරදී ඇති බවද පැවසේ
කෙසේ වෙතත් අද (23) පාර්ලිමේන්තුව ආරම්භයේදි පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ සමාජීකයින් කථානායකවරයා සභාව වෙත දැනුම් දෙන බව කාථානායක කාර්යාලය පවසයි.
++++++++++++++(update)
පක්ෂ නායක රැස්වීම අාරම්භ වෙයි..
කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරුණු බව අප වාර්තාකරු පවසයි.
අද (23) දිනයේ පාර්ලිමේන්තු කටයුතු සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබදව තේරීම් කාරක සභා සම්බන්ධයෙන් මෙහිදී පක්ෂ නායකයන්ගේ විශේෂ අවධානය යොමු කෙරන බවත් සඳහන්ව තිබුණි.
අද (23) පාර්ලිමේන්තු සභාවාරය පෙරවරු 10.30 ට ආරම්භ වීමට නියමීතව තිබේ.