FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද විශේෂ සෝදිසියකට…

අද (23) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වීමට නියමිතවන අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සභා ගර්භයට ඇතුළු වීමට පෙර විශේෂ සෝදිසි කිරීමකට ලක් කිරීමට නියමිතව ඇත.
ඒ අනුව මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඇතුළු වන මන්ත්‍රී පිවිසුමේදී පළමුව විශේෂ සෝදිසි කිරීමකට ලක් කරන අතර සභා ගර්භයට ඇතුළුවීමට පෙර දෙවැනි මහලේදී ද යළිත් පරීක්ෂාවකට ලක් කරනු ඇත.
දෙවැනි මහලේද ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ආලින්දවල ස්ථාන 04 කදී මන්ත්‍රීවරුන් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතය.
ඊට අමතරව අත්‍යවශ්‍ය ලියකියවිලි හැර වෙනත් කිසිදු භාණ්ඩයක් සභාගර්භය තුළට රැගෙන යෑම මන්ත්‍රීවරුන්ට තහනම් කර ඇති අතර පාර්ලිමේන්තු පොලිසියට අමතරව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක අංශය සහ අගමැති ආරක්ෂක අංශය විසින් මෙම සෝදිසි කිරීම් සිදුකරනු ලබයි.
අද දිනයේදී පාර්ලිමේන්තුවේ මහජන ගැලරි සහ කථානායක ගැලරියද වසා තබන අතර මාධ්‍යවේදීන්ගේ ගැලරිය පමණක් විවෘතව තබනු ඇත.