FAST NEWS

24×7 Around the Globe

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි….

ඌව සහ නැගෙනහිර පළාත්වලටත් බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලටත් අද (22) දිනයේදී වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හම්බන්තොට සිට පොතුවිල් සහ ත්‍රිකුණාමලය, හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 70 ට වැඩි තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.