FAST NEWS

24×7 Around the Globe

තේරිම් කාරක සභාවට ආණ්ඩු පක්ෂ නියෝජිතයෝ නම් කෙරෙති..

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්‍ෂයෙන් නම් කර ඇති නියෝජිතයන්ගේ ලේඛනය සභා නායක කාර්යාලය විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කර තිබේ.
ඊට ඇතුළත් සාමාජිකයන් ගණන 07 කි.
දිනේෂ් ගුණවර්ධන, එස් බී දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ, තිලංග සුමතිපාල සහ උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ නම් ඊට ඇතුළත්.
මෙම තේරීම් කාරක සභාව සදහා පත් කිරීමට නියමිත සම්පූර්ණ නියෝජිතයන් ගණන කථානායකවරයා ඇතුලුව 12 කි.