FAST NEWS

24×7 Around the Globe

සෙනසුරාදා ප්‍රදේශ කීපයකට ජල සැපයුම අත්හිටුවයි….

අඹතලේ ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා (24) ප්‍රදේශ කීපයකට ජල සැපයුම අත්හිටුවනු ඇත.
පෙරවරු 8.00 සිට පැය 18 ක්, කොළඹ, දෙහිවල -ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන සහ සොයිසාපුර නිවාස සංකීර්ණය ඇතුළු ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටියි.