FAST NEWS

24×7 Around the Globe

එජාපයෙන් අද (21) සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ක්‍රියාකලාපයට විරෝධය පල කරමින් එක්සත් ජාතික පක්ෂය අද (21) පස්වරු 3.00 ට කොළඹ දී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම සත්‍යග්‍රහය විහාරමහාදේවී උද්‍යානයේදී පැවැත්වීමට නියමිත බව එජාපයේ මහලේකම්වරයා පැවසීය.