FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කිරීමට පෙරහැර ත්‍රිත්වයක්…..

එළැඹෙන ශ්‍රීපාද වන්දනා සමය දෙසැම්බර් මස 22 වන දිනට යෙදී ඇති උදුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන අතර ඒ සදහා ගල්පොත්තවෙල රාජමහ විහාරස්ථානයේ සිට පෙරහැර 03 ක් ශ්‍රී පාදස්ථානයට පැමිණීමට සංවිධානය කර ඇත.
එක් පෙරහැරක් රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේ නල්ලතන්නිය හරහා ශ්‍රීපාද මළුවට පැමිණෙන අතර තවත් පෙරහැරක් බලංගොඩ බගවන්තලාව ඔස්සේ නල්ලතන්නිය හරහා ශ්‍රීපාද මළුවට ළඟාවීමට නියමිතය.
තවත් පෙරහැරක් කුරුවිට මාර්ගය ඔස්සේ ශ්‍රී පාද මළුවට ළඟාවන අතර එම පෙරහැර තුනම පැමිණීමෙන් අනතුරුව 22 වන දින පෙරවරුවේ ශ්‍රීපාද මහ මළුවේ සධාතුක කරඩුව හා සුමන සමන් දේව ප්‍රතිමාව හා දේව ආභරණ තැන්පත් කෙරෙනු ඇත.
ශ්‍රීපාද මහ මළුවේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වන අතර එය ලබන වසරේ වෙසක් පුන් පොහෝ දිනය දක්වා පැවැත්වෙනු ඇත.