FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතික පෙරමුණ අද (21) රැස් වෙයි..

ඉදිරි දේශපාලනික කටයුතු පිළිබඳව එක්සත් ජාතික පෙරමුණේ තවත් සාකච්ඡාවක් අද (21) දිනයේ පැවැත්විමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ අරලියගහ මන්දීරයේ මෙම රැස්වීම පැවැත්විමට නියමීත බව එම පක්ෂය පවසයි.
වත්මන් දේශපාලන වාතාවරණයත් සමඟ පසුගිය දින කිහිපය තුළ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් මුණගැසී සාකච්ඡා කළ අතර ඊයේ (20) පෙරවරුවේ ද එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර සාකච්ඡාවක් පැවැති බව කියැවේ.