FAST NEWS

24×7 Around the Globe

අද (21) ජවිපෙන් ජන රැළියක්..

‘‘ඒකාධිපති වියරුව පරදවන ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවන ජනතා රැළිය’’ මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන රැළියක් මහරගම නගරයේදී අද (21) පස්වරුවේ පැවැත්වෙන බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය වෙත පැවසීය.
මේ රටේ පතුරුවන ඒකාධිපතිත්වය පරාජය කිරීම සදහා ප්‍රජාතන්ත්‍රවාදය දිනවීම සඳහා ජනතාව ඒකරාශී කරන ජනතා රැළියක් අද සවස 03 ට මෙසේ පවත්වනු ලබන බවද හෙතෙම පැවසීය.
ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ සිදුකරන මේ ප්‍රජාතන්ත්‍රවාදයට විරෝධී ක්‍රියාව පරාජයට පත් කිරීම සඳහා වන ජනතා බලය පෙන්වීමට සියලු දෙනා එක්රැස් කරන බවයි මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේය.