FAST NEWS

24×7 Around the Globe

සා:පෙළ ප්‍රවේශපත්‍ර තැපැල් කෙරේ..

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ විභාග ප්‍රවේශ පත්‍රවල යම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
පසුගිය සිකුරාදා දින සියලු අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමුකළ බවද එම දෙපාර්තමේන්තුව කියයි.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර පාසල් වෙත ලබා දී ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ ලිපියනයන් වෙත තැපැල් කර තිබේ.
ඉදිරි දින කිහිපය තුළ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන්ද ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා සිසුන් හය ලක්ෂ 56,641 දෙනෙකු අයදුම් කර තිබේ.
සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් තුන් වන දින ආරම්භ වීමට නියමිත අතර එය දෙසැම්බර් 12 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.