FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට සන්ධාන නියෝජිතයින් අද (20) පත් කෙරේ..

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂ නියෝජිතයින් පත් කිරීම අද (20) සිදුකරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා  සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් පක්ෂවලින් ද, තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් නම් කිරීමෙන් පසු තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
කථානායකවරායා විසින් එම කාරක සභාව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරනු ඇත.
ඒ අනුව ලබන සිකුරාදා එම කාරක සභාව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.
තේරීම් කාරක සභාව යනු ආංශික අධික්ෂණ කාරක සභාවල සහ අමාත්‍යංශ උපදේශන කාරක සභාවල සංයුතිය සාමාජික සංඛ්‍යාව කර්තව්‍ය සහ ඝන පුර්ණය තීරණය කිරීම වෙනුවෙන් පත්කරන විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාවකි.
කථානායකතුමාගේ සභාපතිත්වයෙන් සෙසු සමාජිකයින් 12 දෙනෙකු සහිතව පත්කරන මෙම කාරක සභාව මගින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා 12 ක පත්කිරීම් සිදු කෙරෙයි.
මෙම කාරක සභා අතරට පොදු ව්‍යාපාර කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව ද ඇතුළත් ය.
ඊයේ (19) පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ, තේරීම් කාරක සභාව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජනයවන පරිදි නියෝජිතයින් නම් කර, හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ මහලේකම් වෙත එවන ලෙසය.