FAST NEWS

24×7 Around the Globe

නිශාන්ත සිල්වාගේ මාරුව අත්හිටුවයි..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ නිශාන්ත සිල්වා මහතාට ලාබාදුන් ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවා ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ලබාදුන් මෙම ස්ථාන මාරුව ඔහු විසින්ම තාවකාලිකව අත්හිටුවා ඇති බවත් පැවසේ.
නිශාන්ත සිල්වා මහතා සිය ස්ථාන මාරුවට එරෙහිව ජාතික පොලිස් කොමිෂමට ඇපෑලක්ද ඉදිරිපත් කර ඇති බස කියැවෙයි.
ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යෑම, අඩන්තේට්ටම් කිරීම, තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යෑම හා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකළ දරුණු අපරාධ කිහිපයක්ම විමර්ශනය කරමින් සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ දක්ෂ පොලිස් නිලධාරියෙක් වශයෙන් නිශාන්ත සිල්වා මහතාට පිළිගැනීමක් පවතී.