FAST NEWS

24×7 Around the Globe

මොහොමඩ් නබි තුමන්ගේ ඡන්ම දිනය අදයි…

ඉස්ලාම් දහමේ ශුද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ඡන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට (20) යෙදී තිබේ.
මෙම උත්සවය වෙනුවෙන් ජනාධිපතිතුමා පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර සිටින්නේ මුළු ජීවිතය පුරා වහල් ජනයාගේ නිදහස වෙනුවෙන් කටයුතු කළ නබි තුමා, සූරා කෑමට එරෙහි වූ බවත් නබි තුමන් සුරැකි ගුණාංග හා මිනිසත්බව වෙනුවෙන් කළ කැප කිරීම්, එකිනෙකා අතර භේදය හා වෛරය පැතිරුණු මෙකල අප සියල්ලන් විසින් පරමාදර්ශයට ගත යුතු බවත්ය.
නබි තුමාගේ ඡන්ම දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ ලොව ඉස්ලාමීය රටවල් හා ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවට සැමදා කොන්දේසි විරහිත සහය ලබාදී ඇති බවයි.
එලෙස ලබාදුන් අන්තර් ජාතික සහයෝගයට කෘත්‍යතාව ප්‍රකාශ කිරීම සඳහා මෙය අවස්ථාවක් කර ගන්නා බවත් එම පණිවිඩයේ සදහන් වේ.