FAST NEWS

24×7 Around the Globe

උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ නඩුව 05 වනදාට කල් යයි…

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 05 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගැනීම උන්වහන්සේට එරෙහිව ඇති චෝදනාවයි.
මෙම නඩුව මීට පෙර කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා ඉදිරියේ විභාග කරනු ලැබීය.
කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.කේ.පටබැඳි මහතා සදහන් කර සිටියේ මෙම නඩුව තවදුරටත් හිටපු විනිසුරු විජයරත්න මහතා ඉදිරියේ විභාග කිරීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
ඒ අනුව වැඩිදුර විභාගය ලබන 05 දක්වා කල් තබන බවද විනිසුරුවරයා සඳහන් කර සිටියේය.