FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර මහ ඇමැති ධුරය ගැන ජනපති මෛත්‍රී අර්බුදයක.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පුරප්පාඩු වන මහ ඇමතිධූරය ලබාගැනීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන හෙක්ටර් බෙත්මගේ මහතා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.

පළාත් සභාවේ සභාපති සුනිල් විෙජ්රත්න, අමාත්‍යවරුන් වන ගාමිණී තිලකසිරි, රංජිත් සෝමවංශ මහත්වරුන් ද මහ ඇමැති ධුරය ලබා දෙන්නැයි ඉල්ලීම් කර ඇතැයි පළාත් සභා ප්‍රකාශකයෙක් කීවේය.

ඇතැමුන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වෙත ද තමන්ට මෙම ධුරය ලබාගැනීමට ඇති සුදුසුකම් දන්වා යවා එම ධුරය ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසීය.