අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමු කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, උපාලි තෙන්නකෝන්, කීත් නෝයාර් සහ නාමල් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට වධ හිංසා කිරීම ගැන විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ද නිශාන්ත සිල්වා මහතා විසිනි.
කොළඹ දී තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය ගැනත්, එම තරුණයක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ ප්‍රධාන සැකකරුවකුට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රැකවරණය ලබා දුන්නැයි කියන සිද්ධිය ගැනත් විමර්ශන පවත්වන්නේ නිශාන්ත සිල්වා මහතා විසින් බවද පැවසේ.








