FAST NEWS

24×7 Around the Globe

අද (19) සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක්….

අද (19) දිනයේ සිට දිවයින පුරා ප්‍රදේශ කීපයක වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුර, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ක ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි එහි කාර්යයේ නියුතු ප්‍රකාශකයෙක් සදහන් කළේය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, සබරගමුව හා බස්‌නාහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවල පෙරවරු කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්‌ ඇති විය හැකි බවද හෙතෙම කියා සිටියේය.