FAST NEWS

24×7 Around the Globe

උතුරු සහ දකුණු කොරියාව අතර යුධ තත්වයක් !!!

කොරියානු අර්ධද්වීපයේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිඛෙනවා.

දකුණු කොරියානු ආරක‍ෂක අමාත්‍යාංශය පැවසුවේ තම දේශසීමාවට උතුරු කොරියාව ෂෙල් ප්‍රහාර එල්ල කළ බවයි.

දෙරටට සම්බන්ධ බටහිර දේශසීමාවේ ප්‍රහාර එල්ල වූ බව විදෙස් වාර්තාද සදහන් කරනවා.

උතුරු කොරියාවට තම ආරක‍ෂක කණ්ඩායම්ද ප්‍රතිප්‍රහාර එල්ල කළ බව දකුණු කොරියානු ආරක‍ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

කෙසේවෙතත් මෙතෙක් සිදුවූ ජීවිත හානි හෝ වෙනත් දේපළ හානි පිළිබද වාර්තා ලැබී නැහැ.

බටහිර දේශසීමාවේ පදිංචි කළ පිරිස් ඉවත් කර ගැනීමට දකුණු කොරියාව තීරණය කර තිඛෙනවා.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර 1950 සිට 53 දක්වා පැවති යුද්ධය කිසිදු සාම ගිවිසුමකට අත්සන් තැබීමෙන් තොරව නිමාවට පත් වුණා.

එතැන් සිට දෙරට අතර විටින්විට ගැටුම් ඇති වනවා.