FAST NEWS

24×7 Around the Globe

“ගජ” නිසා යාපනයේ පවුල් 1064 ක් පීඩාවට..

ගජ සුලි කුණාටුව හේතුවෙන් යාපනය දිස්ත්‍රීක්කයේ පවුල් 1064 කට අයත් පුද්ගලයින් 3937 ක් දක්වා ඉහල ගොස් ඇති බවට ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ තත්ව වාර්ථා අනුව පෙන්වා දෙයි.
මේ අනුව යාපනයේ ඩෙල්ෆ්, වේලනෙයි, කයිට්ස්, කරෙයිනගර්, යාපනය, නල්ලූර්, කෝපායි, සන්දිලිපායි, උඩුවිල් ,තෙලිප්පලෙයි, චාවකච්චේරි, කරවෙඩ්ඩි,පේදුරුතුඩුව සහ මරුදන්කේනි යන පළාත්හි ගජ සුලි කුණාටුව හේතුවෙන් වැසියන් විපතට පත්ව ඇති අතර නිවාස රැසකටද හානි සිදුව ඇත.
විපතට පත් පුද්ගලයින් වෙනුවෙන් යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය හා ආපදාකළමනාකරන කාර්යාලය මගින් අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන ඇත.