FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුවට කථානායක නෑ..

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද (18) පස්වරු 05 ටජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ,පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික හමුවට කථානායක කරූ ජයසුරිය මහතා සහභාගී නොවන බව කථානායක කාර්යාලය පවසයි.
පක්ෂ නායක හමුවේදී ගනු ලබන තීරණ කථානායකවරයා වෙත දැනුම් දුන් පසුව ඒ අනුව කටයුතු කරනු ඇති බවද එම කාර්යාලය කියයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ට අමතරව කථානායක කරූ ජයසුරිය මහතාට ද මෙ සඳහා ආරාධනා කර තිබුණි.