FAST NEWS

24×7 Around the Globe

රාගම සහ ජා-ඇල අතර දුම්රිය ධාවනය අද (17) අත්හිටුවයි..

අද (17) රාත්‍රි 10.00 සිට හෙට (18) මධ්‍යම රාත්‍රි 12.00 දක්වා පුත්තලම මාර්ගයේ රාගම සහ ජාඇල අතර දුම්රිය ධාවනය සිදු නොකරන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
රාගම සහ ජාඇල අතර දුම්රිය මාර්ගයේ දෙපස සිදු කරන අත්‍යවශ්‍ය ජල නඩත්තු ව්‍යාපෘතියක් හේතුවෙන් මෙසේ ධාවනය සීමා කෙරෙයි.
අදාළ කාලය තුළ ජාඇල සහ පුත්තලම අතර පමණක් දුම්රිය ධාවනය සිදු කරන බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පවසයි.